Colombo Today Local News

රහුමාන් ගේ පුරප්පාඩුවෙන් ෆවුසිට යළිත් පාර්ලිමේන්තු වරම්

මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ඒ.එච්.එම්. ෆවුසි ගේ නම ගැසට් කර තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ පුරපති ධූරයට තරග කිරීම සඳහා සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ජන. 20 වන දා ඉල්ලා අස්විය.

ඉකුත් මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 6ක් හිමි කර ගත් ෆවුසි මහතාට මනාප 48,701ක් හිමි වී තිබිණි.

ඒ අනුව, ඔහු මනාප ලැයිස්තුවේ 7වන ස්ථානයේ පසු විය.

කොළඹ හිටපු නගරාධිපතිරයෙකු ද වන ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ වන විට 85 වියෙහි පසු වේ.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Related posts

ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනේ (Photo)

colombotoday

පොහොට්ටුවට එක්වන්න ආ ෆයිසර් මුස්තාපාව පන්නා දමයි !

colombotoday

මර්වින් සිල්වා එ.ජා.පයෙන් මැතිවරණයට ?

colombotoday

සේවයෙන් පැන ගිය ත්‍රිවිධ හමුදා සෙබළුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට

Admin

ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආයතන රැසකින් කෝටි 77300ක් පොලු තියලා

Admin