Colombo Today Local News

රන්-මැණික් සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් සෙබළා අල්ලයි

කොට්ටාව සහ මාලබේ පොලිස් වසම් වල නිවාස දෙකක් බිද රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමින් යුත් මැණික් ගල් හා රන් භාණ්ඩ ඇතුළු දේපල තොගයක් සොරාගත් හිටපු විශේෂ කාර්ය බලකා සෙබලෙකු අද (09)දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව විද්‍යාල හන්දිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බව කොට්ටාව පොලිසිය පවසයි.

කොට්ටාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් බිඳ මැණික් ගල් තොගයක් සොරාගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත්දා කොට්ටාව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ පිළිබඳ විමර්ශන සිදු කරමින් සිටියදී බස්නාහිර පළාත බුද්ධි කොට්ඨාශය මගින් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප බුද්ධික චතුරංග මහතාට ලද තොරතුරක් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතා දැනුවත් කොට ලබාදුන් උපදෙස් මත කොට්ටාව පස්මන් හන්දිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර මොහු අත්අඩගුවට ගෙන තිබේ.

Related posts

තවත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයන් 7ක් සිරියා සටන් බිමේ, බුද්ධි අංශ හදුනා ගනී

colombotoday

ගෑස් මිල ඉහළ දමන්නැයි ඉල්ලීම්

colombotoday

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

colombotoday

අගුණකොලපැලැස්සේ රැඳවියෙක් පලා ගිහින්

Admin

යහපාලනය ගැන කලකිරුණු ප්‍රබල ඇමති 4ක් මහින්ද හමුවෙයි

colombotoday

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin