Colombo Today Local News

නීති විරෝධීව කුවේටයේ සිටි ලාංකික ගෘහ සේවිකාවන් 26ක් පිටුවහල් කරයි

නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින්, එරට විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුවහල් කර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද(08) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ.

මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින 2,000 කට අධික ගෘහ සේවිකාවන් අතරින් කොටසක් බවත් ඉතිරි පිරිස ද කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව එම තානාපති කාර්යාලයීය ප්‍රකාශකවරයෙකු සඳහන් කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය නිලධාරීන් කුවේට් රාජ්‍යයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමග මේ පිළිබඳ කටයුතු කර මෙම ගෘහ සේවිකාවන්ට එරෙහිව පැවති නඩු ඉවත් කරවා ගෙන, ඔවුන් ගෙවිය යුතු දඩ මුදල් අහෝසි කර ගැනීමට කටයුතු කර තිබේ.

එසේම මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවශ්‍ය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර නොමැති වූවන් සදහා ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා දීමට ද කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන ඇත.

Related posts

“එපා නම් කියන්න.. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය මම පොළොන්නරුවට ගන්නවා“ – ජනපති

colombotoday

නිවසක බිත්තියක් කඩාවැටී දරුවකු මිය යයි

colombotoday

පරිණත මා දේශපාලනයට ඇවිත් ළදරුවෙකුගේ තැනට වැටෙන්නෑ – සෙන්පති කමල් කළවැද්දෙක් නොවෙන හැටි කියයි

colombotoday

ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙක් නිදහස් කරන ලෙසට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යැයි සඳහන් කණ්ඩායමකගෙන් රජයට බලපෑම්.

colombotoday

ජනපති-අගමැති ගැටුම ඇවිලේ.. ප්‍රහාරයකට එජාපය බලමුළු තරකරයි.. සටන් පෙරමුණට සිවිල් සංවිධානත් කැදවයි

colombotoday

ගම්මන්පිල අත් අඩංගුවට ?

colombotoday