Colombo Today Local NewsHot News

ජනපති-අගමැති ගැටුම ඇවිලේ.. ප්‍රහාරයකට එජාපය බලමුළු තරකරයි.. සටන් පෙරමුණට සිවිල් සංවිධානත් කැදවයි

ranil-mithre

ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජනපති පිල හා අගමැතිවරයාගේ පිල අතර මෙතෙක් කල් වර්ධනය වෙමින් පැවති මත ගැටුම, ජනාධිපතිවරයා විසින් ඊයේ සිදු කරන්නට යෙදුණු ප්‍රකාශයත් සමග වඩාත් දරුණු අතට හැරී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

හිටපු අරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණය හමුවට කැදවීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පලකරන බවත්, CID, FCID අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත හැසිරීම සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට තමන් කටයුතු කරන බව කොළඹ පදනම් ආයතනයේ ඊයේ (12) පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. ජනපතිවරයාගේ දෝෂාරෝපණයට ලක්වූ ආයතන සෘජුවම අගමැතිවරයා සහ එජාප පාර්ශවය විසින් මෙහෙයවන ආයතන බව රහසක් නොවන බැවින් ජනපති ප්‍රකාශය තමන්ට එල්ල කරන ලද බරපතල අතුල් පහරක් බව ආණ්ඩුවේ එජාප පාර්ශවයේ මතය වී තිබේ. එජාපයේ ඒකමතික තීරණ නිසා, ජනාධිපතිවරයාගේ ගෞරව නාමයට හානි වන බැවින් එය තවදුරටත් ඉවසා ගත නොහැකිව ජනාධිපතිවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නට ඇතැයි ශ්‍රීලනිප පාර්ශවයේ මතය වී තිබේ.

ජනපතිවරයාගේ ප්‍රකාශයට වහාම ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළ යුතු බවට එජාප ප්‍රධානීන් තීරණය කර ඇති අතර මතුව ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ එජාප මැති ඇමතිවරුන් රැසක් කැදවා තිබිණි. ආණ්ඩුවේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් එල්ලවන ජනතා විරෝධය එජාප පාර්ශවයේ ගිණුමට බැර කිරීමට ශ්‍රීලනිප පාර්ශවය කටයුතු කරමින් සිටින බවත් එය ඉදිරියේදී එජාපයට අවාසිසහගත ලෙස බලපාන බවත් ඇමතිවරුන් එහිදී පෙන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළ යුතු බවට එහිදී සාකච්ඡා වී ඇත.

මේ අතර ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට විරෝධය දක්වමින්, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුගේ ජයග්‍රහණය වෙනුවන් කටයුතු කල සිවිල් සංවිධාන රැසක් එක්ව හෙට දිනයේ මාධ්‍ය හමුවක් කැදවා ඇති අතර, ජනපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ මුල් පෙලේ සිවිල් සංවිධාන සියල්ලම පාහේ එයට සහභාගී වනු ඇතැයිද පැවසේ. මෙම වෘත්තීය සමිති හා සංවිධාන බොහෝමයක් එජාපය විසින් මෙහෙයවන හෝ එජාප හිතවාදී ඒවා වෙයි.

මේ අතර යෝජිත නව ව්‍යවස්ථාවෙන් ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කර පාර්ලිමේන්තුවට බලය විමධ්‍යගත කළ යුතු යැයි එජාප පාර්ශවය සහ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට දායකව සිටින සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ අදහස වී ඇති අතර ජනපති පාර්ශවයෙන් ඊට තවමත් එකගත්වය දක්වා නොමැති බවද ආරංචි මාර්ග සදහන් කරයි. පාර්ලිමේන්තුවට බලය විමධ්‍යගත කිරීම හා උතුරු නැගෙනහිර පළාත් සදහා ෆෙඩරල් ලක්ෂණ සහිත දේශපාලන විසදුමක් ලබා දීමට යෝජනා ඉදිරිපත්ව ඇත. මධ්‍ය දුර්වල කර උතුරු – නැගෙනහිර පළාත් සදහා ස්වාධීන බලතල දිනාගැනීම බෙදුම්වාදීන්ගේ දීර්ඝකාලීන දේශපාලන උපක්‍රමයක් බව ශ්‍රීලනිපයේ ජාතිකවාදී කොටස් අවධාරණය කර ඇති අතර කිසි සේත්ම ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතු බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. මේ හේතුවෙන් ආණ්ඩුවේ එජාප හා ශ්‍රීලනිප පාර්ශවය අතර පවතින සීතල මතගැටුම ඉදිරි ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී පුපුරා යනු ඇති බවටද මත පලවේ.

Related posts

අසංවරවර ඇවිත්, හිරුණිකා උසාවියට අගෞරව කරලා.. විනිසුරු මඩුල්ලෙන් දැඩි අවවාද

colombotoday

රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමේ පුවරුවක්

Admin

හිටපු ජනපතිනි චන්ද්‍රිකාට කාර්ය මණ්ඩලයේ විරෝධය

colombotoday

කටුනායක ගුවන්තොට මාස 3ක් දවාලට වසයි.. ගුවන්යානා මත්තලට හරවයි

colombotoday

එක්නැළිගොඩ නඩුව අහන්න ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලයි

colombotoday

“සමහරු ගෝඨාභයව ෆේස්බුක් එකේ ජනාධිපති කරලා.. ජනපති අපෙක්ෂකයා තෝරන්නේ මමයි” – මහින්ද

colombotoday