Colombo Today Local News

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ශ්‍රී ලංකා රජයට බල කරයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ “අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම” ශ්‍රී ලංකා රජය වහා ම අවසන් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන හතක් ප්‍රකාශ කර තිබේ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය), මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA), CIVICUS, පෙරටුගාමී ආරක්ෂක සංවිධානය, හියුමන් රයිට්ස් වොච්, ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම සහ සාමය සහ යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ව්‍යාපාරය යන සංවිධාන 7 ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඔවුන් සඳහන් කරන්නේ, 2022 අගෝස්තු 18 වන දින අත්අඩංගුවට ගනු ලැබූ 29 හැවිරිදි වසන්ත මුදලිගේ අගෝස්තු 21 වන දා සිට රඳවා තබා ඇත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් කරන ලද නියෝගයක් මත බව ය.

එය, අවලංගු කරන බවට ශ්‍රී ලංකා රජය දිගු කලක් තිස්සේ පොරොන්දු වූ කුරිරු නීතියක් බව ද අදාළ සංවිධාන සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා රජය විසින් වසන්ත මුදලිගේ රඳවා තබා ගනු ලැබුවේ, 2022 වසරේ ආර්ථික අර්බුදය හේතුවෙන් පාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සහ දූෂණවලට එරෙහිව පැන නැගුණු විශාල සාමකාමී විරෝධතා මැඩපැවැත්වීමේ කොටසක් ලෙස බව එම සංවිධාන පෙන්වා දී තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ, පෙළපාලි විසුරුවා හැරීමට සහ බොහෝ සිසුන් ඇතුළු සිය ගණනක් මිනිසුන් අත්අඩංගුවට ගැනීමට “අනවශ්‍ය හා අධික බලය යොදා ගත්” පොලිසියට හා හමුදා සඳහා පුළුල් බලතල ලබා දෙමින් ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූ බව ය.

වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර ඊයේ (ජන. 16) දිනට දින 150ක් සම්පූර්ණ විය.

ඔහු සමග අත්අඩංගුවට ගත් හෂාන් ජීවන්ත නිදොස් කොට නිදහස් කෙරුණු අතර, ගල්වැව සිරිධම්ම හිමි ඇප මත නිදහස් කෙරිණි.

මේ අතර, සන්ත මුදලිගේ නිදහස් කරන්නැයි බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව ඊයේ (ජන. 16) කොළඹදී විරෝධතාවක් පැවැත් වූ අතර පොලිසිය ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කර තිබුණේ, විරෝධතාකරුවන්ට ස්ථාන දෙකකදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමිනි.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිවෙයි

colombotoday

මඩකලපුව සියොන් දේවාස්ථානයට එල්ලවූ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බොම්බ කරු මෙන්න

colombotoday

ජනපති නියෝගයෙන් ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරීක්ෂාව නවතියි

Admin

එකම පවුලේ තිදෙනෙක් කොවිඩ් ආසදිතව මියයයි

colombotoday

රූමිට මුහුණපොතේ උපහාසාත්මක ප්‍රකාශයක් පළ කරලා.. බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි.

colombotoday

කොවිඩ් ආසාදිත පොලිස් සැරයන්වරයෙක්ගේ සිරුර රෝහල් වතුර ටැංකියේ දාගෙන දින 56ක් වතුර බීලා

colombotoday