Colombo Today Local News

තෛපොංගල් සමරද්දී වතු නිවාස පේළියක ගින්නක් – නිවාස 10ක් ගිනි බත් වෙයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ වතුයායේ මිඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේළියක ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ (15) රාත්‍රියේ හටගත් ගින්නෙන් වතු නිවාස 10ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.

ඊයේ රාත්‍රි 8.30ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත්, ගින්නෙන් වතු නිවාස 10ක පදිංචි පවුල් 12කට අයත් සාමාජිකයන් 47දෙනෙකු අවතැන් වී ඇති බවත් තලවකැලේ පොලීසිය පවසයි.

ගින්න හටගන්නා අවස්ථාවේ එම වතු නිවාසවල පදිංචිකරුවන් විශාල පිරිසක් එම වතුයායේ පැවති තෛපොංගල් දින උත්සවයකට සහභාගි වීමට ගොස් සිටි නිසා ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැත.

පැතිර යමින් තිබු ගින්න එම වතුයායේම වතු කම්කරුවන් හා තලවකැලේ පොලීසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට සමත්ව ඇත.

ගින්නෙන් වතු නිවාසවල පදිංචි වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සහ නිවාසවල පදිංචිව සිටි ළමුන්ගේ පාසල් පොත්පත් සහ උපකරණ සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.

ගින්නෙන් අවතැන් වුවන් එම වතුයායේම පදිංචි ඔවුන්ගේ ඥාති නිවාසවල තාවකාලිකව පදිංචි කර තිබේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැකකරන බව තලවකැලේ පොලිසිය කියා සිටි.

අවතැන් වුවන්ට යටිතල පහසුකම් සැපයිමට වතු පාලන අධිකාරිය සහ ප්‍රදේශවාසින් පියවර ගෙන ඇත.

Related posts

සුව ඇමතිගෙන් වෛද්‍ය සංගමයට චෝදනාවක්.

colombotoday

ශ්‍රීලනිප 16 කණ්ඩායම අද විපක්ෂයට… විශේෂ ප්‍රකාශයකුත් සූදානම්

colombotoday

පාකිස්ථානු JF 17 වෙනුවට ඉන්දියාවේ “තේජස්“ට ලංකාවේ හිත ගිහින් – ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday

“බී.එම්.ඩබ්ලිව්. සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා” – රන්ජන්ගෙන් භික්ෂූන් වහන්සේලාට වාග් ප්‍රහාරයක් (Video)

colombotoday

අස්වැසුම නව අයදුම්පත් කැදවීම හෙට සිට

Admin