World

ඊශ්‍රායල – හමාස් භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

සටන් විරාම ගිවිසුම යටතේ ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් භාරයේ සිටින තවත් රැඳවියන් කිහිප දෙනෙකු මුදාහැර තිබේ.

ඊයේ (29) රාත්‍රියේ ඊශ්‍රායල අත්අඩංගුවේ පසු වූ පලස්තීන ජාතිකයන් 30 දෙනෙකු මුදාහැර ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරයි.

නිදහස් කළ පිරිස අතර කාන්තා රැඳවියන් ද වන බව සඳහන් වෙයි.

මේ අතර, හමාස් සංවිධානය විසින් ද සිය භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු මුදාහැර තිබේ.

මේ අතර, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අදින් අවසන් වන අතර, එය තවදුරටත් දීර්ඝ කරගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර මැදිහත්කරුවන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Related posts

දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිවහන ගිනි තියයි

colombotoday

ඉම්රාන් ඛාන්ගේ නැවත අලුත් වූ සිර දඩුවම

Admin

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin

ආගමික විශ්වාසයන් සිවිල් සමාජයට නොගැළපේ ! ප්‍රංශ අධිකරණය මුස්ලිම් කාන්තාවකගේ පුරවැසිභාවය අත්හිටුවයි

colombotoday

කොරියානු දේශ සීමාවේ පිහිටි ඒකාබද්ධ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියාව විසින් පුපුරුවා හැරේ

colombotoday

2023 වසරේ, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතරේ පළමු තැන ෂාරුක්ට

Admin