ලිංගික අපයෝජන චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන සිර මැදිරිය තුල රදවා සිටි සැකකරුවකු නූලක ආදාරයෙන් ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ රොමියෙල් මාවත පදිංචිකරුවකු වන 54 හැවිරිදි පුද්ගලයෙකි.
හෝමාගම පනාගොඩ මාදෙනියවත්ත ප්රදේශයේ වයස අවුරුදු 19ක තරුණියක විසින් සිදුකළ පැමිණිල්ලක් මත අතුරුගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරිය තුල රඳවා තබා සිටියදී මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවද පොලිසිය පවසයි.