Colombo Today Local News

අධික වර්ෂාව දිගටම තිබුණොත් ලයිට් බිල අඩු කරන්න පුළුවන්

අධික වර්ෂා තත්ත්වය දිගටම තිබුණොත් ඉදිරියේදී ජනතාවට විදුලි සහනයක් ලබා දීමට හැකි වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (24)දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මිනිස්සුන්ට විදුලි බිල ගෙවාගන්න අමාරුකම් තිබෙන බව පිළිගත යුතු බවද අමාත්‍යවරයා කීය.

මේ වන විට සම්පූර්ණ ධාරිතාවෙන් ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන බව කී අමාත්‍යවරයා එහෙම වුණත් එක්වරම මිල අඩු අඩුකිරීමක් කරන්නට හැකි වන්නේ නැතැයි සඳහන් කළේය.

යම් සහනයක් ලැබෙනවානම් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඒ සහනය අනිවාර්යෙන්ම ජනතාවට දෙන්නේ යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩි දුරටත් පැවසීය.

Related posts

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි සේවයේ පිහිටුවන්නේ නැහැ – ජාතික පොලිස් කොමිසම

colombotoday

Video: පල්ලියට ගැහුවේ ජාතිවාදය නිසා නෙවෙයි – තෙල්දෙණිය පල්ලියේ මව්ලවි කියයි

colombotoday

ජමාතේ ඉස්ලාම් බලකොටුව මාවනැල්ලේන් මතුවන්නේ අන්තවාදී ක්‍රියාවක පෙරනිමිති ද?

colombotoday

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

Admin

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා තීරණය කරයි !

colombotoday

ගෙවුණු දින 7ට ඩෙංගු රෝගීන් 2479ක්

Admin