Colombo Today Local News

ක්‍රිකට් තහනම නිසා ඩොලර් මිලියන 100ක් අහිමිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනම පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, 19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය සහ 2024 ජූලි මසදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව අහිමිවීම තුළින් එම පාඩුව සිදුවෙන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මේවන විට පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු තවදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකා කණ්ඩායමට ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග සඳහා සහභාගීවිය හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි මෙරටදී පැවැත්වීමට නොහැකි බවත්ය.

Related posts

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

ගැස් හොරට වික්ක යුවළකට වැඩ වරදී

colombotoday

රවීට නඩු වැටෙයි ?

colombotoday

විහාර දේවාලගම් පනත එන සතියේ පාර්ලිමේන්තුවට.. බුද්ධාගමට හානිකරයි – මහසංඝරත්නයේ විරෝධය

colombotoday

මාර්ග නීති කැඩුවොත් වදින අලුත් දඩ මෙන්න

colombotoday

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

Admin