Colombo Today Local News

ගැස් හොරට වික්ක යුවළකට වැඩ වරදී

ලිට්ට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටී අඹුසැමි යුවළක් ඇතුළු තිදෙදෙනකු පිළියන්දල විශ්ව කලා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

එම සැකකරුවන් සමඟ කිලෝග්‍රෑම් 12 දශම 5 ගෑස් සිලින්ඩර විස්සක් හා කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් පොලිසිය භාරයට ගෙන ඇත.

ගෑස් සිල්වර් වෙළඳපොලේ නියමිත මිලට වඩා රුපියල් පන්සියයක් වැඩියෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අලෙවි කරන බවට පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාට ලද තොරතුරක් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

විශ්ව කලාව ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයකු ගෙන් ගෑස් සිලින්ඩර ලබාගෙන එම වෙළඳසැල ඉදිරිපිටම තබාගෙන මෙම කූට ජාවාරම සිදුකරමින් සිටි බව වැටලීම සිදුකළ සිදුකළ පොලිස් නිලධාරියෙක් සදහන් කරයි.

වැටලීම සිදු කළ ස්ථානයේ තිබූ ගෑස් සිලින්ඩර වලට අමතරව සැකකරුවන්ගේ නිවස තුළ ද තවත් ගෑස් සිලින්ඩර පහක් තිබී පොලිස් බරයට ගත් බව වැටලීම සිදු කළ පොලිස් නිළධාරියෙක් වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

මැලේසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

MKDS අභාවප්‍රාප්ත වෙයි

colombotoday

IOC නිසා ඛණිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක්

colombotoday

ඥානසාර හිමිගේ තීන්දුව සවස 2ට හෝමාගම මහාධිකරණයේදී

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය ඇමති රාජිත යටතේ ලංකාව ඓතිහාසික වාර්තාවක් තියයි !

colombotoday