Colombo Today Local News

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් වලට පත්කර ඇති විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ පත්වීම නීති විරෝධීයි!

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත උල්ලංඝණය කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියට වැටලීම් සදහා විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙක් පත්කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරියට නිළධාරීන් බදවා ගැනීම සිදු කල යුත්තේ බදවා ගැනීමේ පරිපාටියට අනුව වන අතර මෙම පත්වීම සිදුකර ඇත්තේ එම බදවා ගැනීමේ පරිපාටියද උල්ලංඝණය කරමින් බවත් එම සංවිධානය කියයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ, මේ වන විට ඔහු විසින් ඔහුට හිතවත් විමර්ශණ නිළධාරීන් යොදා ගනිමින් ඔහුගේ හිතමිතුරන් පිනවීම සදහා වැටලීම් දියත් කරමින් සිටින බව ද මේ පිළිබදව ප්‍රකට ව්‍යාපාරිකයෙකු විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවත් ඔහුට නීත්‍යායුකූල පත්වීමක් නොමැති නිසා කිසියම් වැටලීමකදී ඔහු සහභාගීවන්නේ නම් එම වැටලීම නීත්‍යානුකූල නොවන බවත් ඔහුගේ ඇතුලුවීම අයුතු ඇතුලුවීම ගණයට වැටෙන බවත් නීතීඥයින් විසින් එම සංවිධානයට උපදෙස් ලබා දී ඇති බවයි.

ඔහුගේ ඇතුලුවීම කිසියම් වෙළෙන්දෙකු විසින් අභියෝගයට ලක්කල හොත් මෙරට පාරිභෝගිකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට තිබෙන පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් වීම පමණක් නොව එය අර්බුදයකට ලක්වීමටද ඉඩ ඇති බැවින් මෙවැනි අනීතික ක්‍රියා වහාම නවතන ලෙස එම සංවිධානය බළධාරීන්ගෙන් ඉල්ලා සිටී.

තවද අනීතික පත්වීමක් ලබාදී ඔහුට වැටුප් හා දීමනා ලබා දීම මගින් රාජ්‍යදේපල අවභාවිතා කිරීම පිළිබදව එම සංවිධානය විසින් මේ පිළිබදව වන පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.

ඉදිරියේදී මේ පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරමින් සිටින බව එම සංවිධානය වැඩි දුරටත් සඳහන් කර සිටී.

Related posts

අධිකරණ ඇමති තලතා.. බුද්ධශාසන ඇමති ගාමිණී ජයවික්‍රම – අද දිවුරුම් දෙයි

colombotoday

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සමහර තොරතුරු හංගලා | අනුරකුමාර දිසානායක

colombotoday

කෝට්ටේ සමූපකාර බලය ඇල්ලුවා

Admin

භාණ්ඩ වර්ග 843ක ආනයන සීමාවක් ඉවතට

Admin

සිංහරාජයේ අලි සහ ප්‍රදේශයේ ජනතාවගේ ජිවිත පිළිබඳ මට වගකියන්න බැහැ – සරත් ෆොන්සේකා

colombotoday

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය නොදීම ගැන පසුතැවෙනවා- ලන්සා

colombotoday