Colombo Today Local News

අනතුරු වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි

මෙරට වසරකට 10,000 -12,000 ක් පමණ අනතුරු හේතුවෙන් මියයාම, මිලියන 1ක් නේවාසික රෝගී ප්‍රතිකාර ලබාගැනීම සහ දිනකට මරණ 35 කට ආසන්න ප්‍රමාණයක් සිදුවීම දැඩි ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

අනතුරු වැළක්වීම පිළිබද ජාත්‍යන්තර සමුළුව – 2023 (ICIPSL’23) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20)දින ආරම්භ විය.

එම අවස්ථාවට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසූවේ “සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශය සංවිධානය කළ මෙම අනතුරු නිවාරණය පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලාංකීය ජනතාවට ඉතා කාලෝචිත සහ වැදගත් විෂයක් බවයි.

එමෙන්ම මෙම සමුළුවට සහභාගිව සිටින බොහෝ පර්යේෂකයන් සහ මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාව සමඟ ඔවුන්ගේ දැනුම බෙදා ගැනීමට මෙහි පැමිණ ඇති බවත්, මෙමගින් මෙරට සෞඛ්‍ය දර්ශක තවත් ඉහළ මට්ටමකට ගෙනයාමට හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

මෙරට අනතුරු වැළැක්වීමේ අංශය ශක්තිමත් කිරීම මෙන්ම සෞඛ්‍ය පද්ධතිය තුළ අප විසින් ඇති කරන ප්‍රතිකාර ක්‍රම ශක්තිමත් කිරීම අප ඉදිරියට යා යුතු බහුවිධ ප්‍රවේශයක් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

බන්ධනාගාරගත කළ ජේලර් කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයට

colombotoday

2020න් පසුවත් ජනපති මෛත්‍රීමයි !! (Video)

colombotoday

හොඳම උපකල්පනයට අනුව විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

Admin

වැලිකන්ද මුතුවැල්ලේ දී බසයක් පෙරැලී 30ක් රෝහලේ…

Admin

විදුලි බිලක් ගෙවීමට ඇතැයි අසත්‍ය ප්‍රචාර දියත් කරන්නන්ට එරෙහිව නාමල් නීති මාර්ගයට

Admin

මහ බැංකු නිවේදනයක්

Admin