අධිකරණය විසින් ලබාදෙන තීන්දුවලට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය පවුලේ පිරිසට ලබා දී ඇති අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අද(20)දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනුයි මන්ත්රීවරයා මෙම අදහස් පළ කළේ.
එසේම ඊට අදාළව ගත හැකි නීතිමය ක්රියාමාර්ග මොනවා ද යන්න සම්බන්ධයෙන් මේ දිනවල සොයා බලමින් සිටින බව ද මන්ත්රීවරයා වැඩි දුරටත් ප්රකාශ කළේය.