2023/24 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සඳහා නාමයෝජනා භාරදීම අද (11)දින සිදු කර තිබේ.
නීතිඥ කෞෂල්‍ය නවරත්න සභාපති ධූරය සඳහා නාමයෝජනා භාර දී අතර නීතීඥ ඉසුරු බාලපටබැඳි ලේකම් තනතුර සඳහා නාමයෝජනා භාරදී ඇත.
නාමයෝජනා භාරගැනීම අවසන් වූ අද දහවල් 12.00 වන විටත් වෙනත් කිසිදු අපේක්ෂකයෙකු සිය නාමයෝජනා භාරදී නොතිබූ බැවින් එම නාමයෝජනා පත්‍ර භාරදීම අවසන් වන විට එම අපේක්ෂකයින් දෙදෙනා නිතරගයෙන් අදාල තනතුරු සඳහා තේරී පත් වීමට නියමිතයි.