Colombo Today Local News

වව්නියාව නගරයේ පාසල් 6 ක් හෙට විවෘත නොවෙයි.

වව්නියාව නගරයේ පාසල් 6 ක් නව පාසල් වාරය සඳහා හෙට (11)දින විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

දෙමළ මහ විද්‍යාලය, ගාමිණි ජාතික පාසල, දෙමළ කතෝලික මිශ්‍ර පාසල, රම්භකුලම බාලිකා විදුහල, සයිවප්‍රකාශ විදුහල හා මුස්ලිම් මහ විද්‍යාලය යන පාසල් මෙලෙස විවෘත නොකරීමට පියවර ගෙන ඇතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා සඳහන් කළේය.

වවුනියාව නගරයේ කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ හා එහි සේවකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ අවසන්වනතුරු නගරයේ කඩසාප්පු ඊයේ (09)දින සිට තාවකාලිකව වසාදැමීමට ද පියවර ගෙන තිබුණි.

වවුනියාව නගරයේ ව්‍යාපාරිකයින් හා සේවකයින් 55 දෙනකු කොවිඩ්19 වෛරස ආසාදිත පුද්ගලයින් ලෙස හදුනාගැනීමත් සමඟ මෙම පියවරගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

වවුනියාව පට්ටාන්චූර් ප්‍රදේශයේ කොවිඩ් – 19 වෛරසය ආසාදිත ගැබිණි කාන්තාවක් හා කිලිනොච්චිය ඉංජිනේරුපීඨයේ සිසුවකු හදුනා ගැනීමත් සමඟ වවුනියාව නගරයෙන් හමුවූ ආසාදිතයින් ඔවුන්ගේ ආශ්‍රිතයින් බවද පැවසීය.

ආරක්ෂිත පියවරක් ලෙස වවුනියාව තොග වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාම සඳහා වෙනත් ස්ථානක් ලබාදී ඇති අතර මාර්ග ආසන්නයේ වෙළදාම් හා පදික වෙළදාම නැවත දැනුම්දෙනතෙක් තහනම් කිරීමට පියවරගෙන ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

වවුනියාව බසාර්වීදිය හා ධර්මලිංගම් වීදිය තවදුරටත් හුදකලා කර ඇති අතර වවුනියාව නගරයේ ව්‍යාපාරිකයින් හා සේවකයින් 1600 දෙනකුගේ පී.සී.ආර් පරීක්ෂණයට යොමුකිරීමට නියමිත බව වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

Related posts

එංගලන්තෙන් ගෙනා කුණු කන්ටේනර් තොගය ආපසු යැවීමට නියෝග…

colombotoday

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සමුළුව අද ​වීඩියෝ තාක්ෂණය ඔස්සේ

colombotoday

කුසල් මෙන්ඩිස් අධිකරණයට ඉදිරිපත් කෙරේ.. මාරක රිය අනතුරෙන් පසු පැන ගිහින් පැයකට පසු බාරවෙලා

colombotoday

අලුත් පක්ෂයට යෝජනා 13.000 ක්.. පක්ෂ ව්‍යවස්ථාව 30 වැනිදා එළියට

colombotoday

ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරිමේ කුමන්ත්‍රණයක් – එස්.බී. දිසානායක

colombotoday

මේ වසරේදී කෝටි 13ක හෙරොයින් අත්අඩංගුවට – කුඩු ජාවාරම් ඉහලට

colombotoday