Colombo Today Local News

“ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ ප්‍රමාද කරන්නත් බැහැ…”

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්යෑමට සීමානිර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදුකර නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, මහජන නියෝජිතයින් පත් කිරීමකින් තොරව පළාත් සභාවන් නිලධාරී පාලනයක් යටතේ දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරු පහරක් බවය.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය.

ලබන වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය ව්‍යවස්ථා සංශෝධනයකින් හැර වෙනත් කිසිදු ආකාරයකින් කල්දැමීමේ හැකියාවක් නොමැති බවද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ. ප්‍රමාද කරන්නත් බැහැ. 2024 සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර පවත්වන්නම ඕනේ.”

Related posts

ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගයේ යෝජනා කෙටුම්පත කතානායකට

colombotoday

අමාත්‍යංශවල විෂය පථ සඳහන් කරමින් ජනපතිගෙන් නව ගැසට් පත්‍රයක්

colombotoday

කලුතර නගරාධිපති අත්අඩංගුවට

colombotoday

“සොබා දහමට විරුද්ධ වූ නිසා දඬුවම් ලැබුණා“ කුණු කන්ද කඩාවැටීම ගැන පොලිස්පතිගේ විග්‍රහය (VIDEO)

colombotoday

ඌව රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය තහනම්

colombotoday

උතුරේ සියළු රජයේ කම්හල්වල, හමුදා හොටල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි !

colombotoday