වෛද්‍යවරුන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සඳහා කඩිනමින් සහන සලසන්නැයි රජයට බලකරමින් අදත් (10)දින විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාවේ සමලේකම් වෛද්‍ය චන්දික තල්ගස්දූව මහතා සඳහන් කරන්නේ, දිවයින පුරා ක්‍රියාත්මක සංකේත විරෝධතා මාලාවට සමගාමීව මෙය ක්‍රියාත්මක කළ බවයි.
වෛද්‍යවරුන් රැසක් තවදුරටත් විදේශගතවීමට සූදානමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.