දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව වාරියපොළ , නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්රදේශවල ජනතාව ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.