මැතිවරණ කොමිසම ආණ්ඩුවට ලියුම් ලියමින් සිටින අතර ඒවා ආදර ලිපි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මැතිවරණ කොමිසම නාහෙන් අඬන්නේ නැතිව අධිකරණයට ගිහින් මැදිහත් වී පළාත් පාලන මැතිවරණය ලබාදිය යුතුව තිබෙන බවද කිරිඇල්ල මහතා කීය.
“මෙහෙම මැතිවරණ නොතියන ආණ්ඩු වලට ජාත්‍යන්තර සහය ලැබෙනවාද? අද ගමේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිටලා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් නැහැ.මේ ගැන මැතිවරණ කොමිසම නිර්භීත තීන්දුවක් ගත යුතුයි”