ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ මහතා ඊයේ(04)දින ගුවන් හමුදා මූලස්ථානයේදී අත්සන් තබා තිබේ.
මෙම අවබෝධතා ගිවිසුම මගින් දෙපාර්ශ්වය අතර සහයෝගිතාවය වර්ධනය කරගනිමින් ගුවන් සේවා පුහුණුව, ගුවන් සේවා පිළිබද ඉගැන්විම, ගුවන් සේවාවන් හි සියලු අංශයන් වැඩි දියුණු කිරිම මෙන්ම ශක්තිමත් කිරිම හා දෙපාර්ශ්වය විසින් අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබද පුහුණුව ලබාදිමට කටයුතු සිදුකිරිමට නියමිත බව සඳහන් වේ