දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය සහ දහවල් දුම්රිය ගමන්වාර 12ක් පමණ මේ හේතුවෙන් අවලංගු කර තිබේ.