Colombo Today Local News

පානදුර පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

පාපන්දු ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයෙකු ඊයෙ(26) රාත්‍රීයේ හදිසියේ ඇදවැටී මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර හොරේතුඩුව ශ්‍රීමතී පාර ප්‍රදේශයේ පදිංචිව මොහොමඩ් ෆිර්දව්ස් නැමැති 41හැවිරිදි තිදරු පියෙක් බව පොලිසිය සඳහන් කරයි.

පානදුර උතුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගාලුපාරේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාගාරයක ක්‍රීඩා කරමින් සිටී පුද්ගලයා හදිසියේ අසනීපව ඇදවැටී පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වේ.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

පානදුර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

ලාෆ් ගෑස් යළි වෙළෙඳ පොළට?

colombotoday

රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ලක්ෂ 160ක් ගැරූ අයෙක් අල්ලයි

Admin

වසරකදී මෙරට ගබ්සා වීම් 48000ක්.. උපත් ආබාධ සහිත බිලිඳුන් 5800 උපදී

colombotoday

මහින්දානන්දගේ පෙත්සම විසිවෙයි… ඕනෑම වෙලාවක අත්අඩංගුවට ගත හැකියි !

colombotoday

හිඟ ඖෂධ 81ක් ලබා ගත්තා – සෞඛ්‍ය ඇමති

Admin

අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගනවා..- ජනපති සහතික වෙයි !

colombotoday