Colombo Today Local News

සනත් නිශාන්තට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත්වී තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවෘත අධිකරණයේ අද (27)දින සඳහන් කර ඇත්තේ, විනිසුරු චමත් මොරායස් මහතා මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

ඉකුත් වසරේ අගෝස්තු මස 23වන දා හෝ ඊට ආසන්න දිනයකදී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා අරගල කරුවන්ට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය විවේචනය කිරීම හරහා ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහුට නිසි දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර සහ ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කර ඇත්තේ මොරායස් විනිසුරුවරයා හලාවත අධිකරණ කලාපයේ සේවය කරද්දී වගඋත්තරකාර සනත් නිෂාන්ත මහතාව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ නියෝගයක් නිකුත් කර ඇති හෙයින් මෙම නඩුව විමසීමට ඔහු අකමැත්ත පළ කර ඇති බවයි.

ඒ අනුව, අදාළ පෙත්සම් විභාගය ලබන 31 වනදා නැවත කැඳවීමට නියම කර ඇති අතර අධිකරණය එදින නව විනිසුරු මඩුල්ල නම් කරන බවත් සඳහන් කර තිබේ.

Related posts

අය වැයේ තියෙන්නේ යළි පුබුදමු ශ්‍රී ලංකා රට විකුණන වැඩ සටහන – වතුර විකුණන්න කැබිනට් පත්‍රිකාවක් දාලා

Admin

අක්කරෙයිපත්තුව කර්මාන්තශාලාවක ගින්නක්

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක් නොවුවන්ට පොදු ස්ථානවලට ඇතුළු වීම සිමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

“ආණ්ඩුවට අවුරුද්දයි බොරු පොරොන්දු කප්පරයි” අඛණ්ඩ විරෝධයකට උපාධිධාරීන් සැරසෙයි

colombotoday

බැදුම්කර හොරුන්ගේ සහ හොරු රැක්ක අයගේ රෙදි අද ගැළවෙයි.. කෝප් වාර්තාව මැතිසබයට

colombotoday

2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තහනම් කළ යුතුයි – ගම්මන්පිලගෙන් යෝජනාවක්

colombotoday