Colombo Today Local News

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

ගලේවල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ බෙලිගම ප්‍රදේශයේ ගොවිපොළක රාත්‍රී කිරි අලෙවි සැලකට හොරු කණ්ඩායමක් ඇතුළු වී ඇති අතර එහි සිට මුරකරුගේ අතපය සහ කට ගැට ගසා ඝාතනය කර තිබේ.

එම සොරු කණ්ඩායම විසින් ඊයේ (25) රාත්‍රියේ අලෙවි සැලට ඇතුළු වී එහි තිබූ භාණ්ඩ කිහිපයක් ද සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කේ. ස්වාමිනාදන් නැමති අවුරුදු 52ක තිදරු පියෙක් බවට අනාවරණය වී තිබේ.

අද (26)උදෑසන මුරකරුට ආහාර රැගෙන විත් ඇති කාන්තාවක් විසින් මෙම ඝාතනය දැක ඇති අතර, පසුව පොලීසියට දන්වා ඇත.

මීට පෙර අවස්ථා තුනක දී අදාළ අලෙවි සැල සොරුන් විසින් කඩා ඇති අතර, එයට බලධාරීන් විසින් නිසි පියවරක් ගෙන නොමැති බවද වාර්තා වේ.

ගලේවල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කරන්න ගිය උලමෙක් මාට්ටු

colombotoday

ප්‍රසුත කල ගමන්ම බිළිදා වල දැමූ මවක්

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ ආරක්ෂක නිලධාරියා පොලිස් අත්අඩංගුවට

colombotoday

වී මිලදී ගන්න ප්‍රමාණවත් මුදල් ලැබී නැහැ.

colombotoday

පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

Admin

සමගි වෙන්න කතා කරලා වෙන වෙන කොන්දේසි දානවා… මේක නොකෙරෙන වෙදකමක් !

colombotoday