Colombo Today Local News

ව්‍යාජ පැමිණිලි පිටපත් දුන් පීසී සහ සිවිල් ආරක්ෂක කතට වැඩවරදී

මීගමුව පොලිසියට වාර්තා නොවූ පැමිණිල්ලක් වාර්තා වූ පැමිණිල්ලක් බවට සටහන් කර කූඨ ලේඛන සකස් කර කාන්තාවකට පැමිණිලි පිටපත් 4ක් නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට සහ, සිවිල් ආරක්ෂක භට කාන්තාවකට එරෙහිව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මීගමුව මුලස්ථාන පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මීගමුව මුන්නක්කරය ප්‍රදේශීය පදිංචි කාන්තාවකට මොවුන් මෙම ව්‍යාජ පැමිණිල්ල සටහන් කර පිටපත් ලබා දී ඇති බවද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

පොලිසියේ පැමිණිලි සටහන් පොත් පරික්ෂා කිරීමේදී මෙම වංචාව හෙළිව තිබේ.

Related posts

රවීගේ නඩුවට අදාළව අධිකරණය දුන් නියෝග තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඥානසාර හිමිගෙන් රජ වැඩක් එන අගෝස්තුවේදී

colombotoday

ජනාධිපති නීතිපති කැඳවා නඩු අහනවා මේක දැන් උතුරු කොරියාව වගේ

Admin

සංශෝධනය වූ අධිවේගී මාර්ග බස් ගාස්තු මෙන්න

Admin

අවශ්‍යව සිටි බන්ධනාගාර නිලධාරියා CIDයට භාරවෙයි

colombotoday

පක්ෂ නායකයෝ රැස්වී තීරණයකට එයි.. අගමැතිගේ ඉරණම තීන්දු වන දිනය මෙන්න

colombotoday