Colombo Today Local News

රවීගේ නඩුවට අදාළව අධිකරණය දුන් නියෝග තාවකාලිකව අත්හිටුවයි

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ වලට අදාළව රහස් පොලීසිය විසින් කළ ඉල්ලිම පරිදි තම අධිකරණය මඟින් ලබා දූන් සියලු නියෝග තාවකාලික ලෙස අත්හිටුවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(21) නියෝග කළේය.

ඉකුත් 14 වනදා රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම පරීක්ෂණයට අදාළ ව නියෝග කීපයක් නිකුත් කර තිබුණි.

අද මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ පරීක්ෂණයට භාජනය වී තිබෙන global transportation and logestic සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙම පරීක්ෂණයට අදාලව රහස් පොලිසිය විසින් ඉල්ලා ඇති නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව කියා සිටියේය.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතට අනුව නීතිපතිවරයාට නඩු පැවරීමට බලය පැවරී ඇත්තේ එම කොමිසම හමුවේ අනාවරණය වූ කරුණක් සම්බන්ධයෙන් පමණක් බව කියා සිටි ජනාධිපති නීතිඥවරයා මෙම පරීක්ෂණයට අදාළ  නියෝග ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් නොව ඊට පරිභාහිර කරුණු සම්බන්ධයෙන් වන බැවින් එම නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් අදාළ නියෝග අත්හිටුවන මෙන්ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය සඳහන් කර සිටියේ අධිකරණයට මෙවැනි පරීක්ෂණ සඳහා නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලය පවතින බවයි.

කෙසේවෙතත් කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කර සිටියේ මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 28 වන දා ප්‍රකාශයට පත් කරන බවයි.

එතෙක් මෙම පරීක්ෂණයට අදාළව රහස් පොලිසියේ ඉල්ලීම පරිදි  තම අධිකරණය මඟින් ලබාදී ඇති සියලු නියෝග තාවකාලිකව අත්හිටුවන බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේය.

– Ada Derana –

Related posts

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday

අරලියගහ මැදුරේ රාජිතගේ උත්සවයට ආ අයට රු. 350හේ පිළුණු කෑම දීලා !

colombotoday

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..

Admin

ජනපතිට එරෙහි NGO විරෝධතාවයට 9 දෙනෙක් පමණයි

colombotoday

පරණ අවුරුද්ද සදහා ස්නානය අද

colombotoday

අම්පාරේ හර්තාල් මැද ලංගම බස්රථ හතරකට පහර දෙයි

colombotoday