අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැමිණ දිනකට පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් ද ඊශ්‍රායලයට ළඟා වී තිබේ.
ඉදිරි පැය කිහිපය ඇතුළත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායල ආග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු මෙන්ම ඊශ්‍රායල ජනාධිපතිවරයා ද හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ගාසා තීරයට ආධාර ට්‍රක් රථ 20ක් පමණ පිටත් කර හැරීම සඳහා රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වී තිබේ.
ඒ ඊශ්‍රායලයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ අතර පැවැති සාකච්ඡාවකින් පසුවයි.