World

කොරෝනාවට එරෙහි ලොව පළමු එන්නත රුසියාවෙන් නිපදවයි

නව කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට හැකියාව ලැබෙන බව එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් ප්‍රකාශ කර සිටියි.

නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පළමු එන්නත් ලබාදීම රටේ සෞඛ්‍ය අංශ නිලධාරින් සහ වැඩිහිටියන් හට ලබා දීමට අදහස් කර ඇති බවයි.

ජේෂ්ඨ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ පසුගිය සතියේ නිවේදනය කර සිටියේ ලබන ඔක්තෝම්බර් මාසය වන විට රටපුරා එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියා කරන බවයි. ඒ සඳහා වන සියලුම වියදම් රුසියානු රජය දරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

ගාසා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් – නෙතන්යාහු කියයි

Admin

රුසියාව ඉරානය සිරියාවේ වෙනුවෙන් එක් වෙති – යලිත් ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟ – පුටින් අනතුරු අඟවයි

colombotoday

බලයෙන් පහකළ අවුන් සාන් සුකී වසර 4ක් සිරගෙට

colombotoday

තායිලන්තයේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගෙන් දුම්රියකට hit-and-run පන්නයේ ප්‍රහාරයක්. – බෞද්ධයන් ඉලක්ක ගත් ප්‍රහාරවල වර්ධනයක්.

colombotoday

මිනිත්තු 20කින් සිදුකළ හැකි කොවිඩ් පරීක්ෂණයක්

colombotoday

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday