Colombo Today Local News

2023 පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට කදවුරේ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවත්වෙයි

2023 පොලිස්පති කුසලාන පොලිස් ශිෂ්‍යභට කදවුරේ ත්‍යාග ප්‍රධානෝත්සවය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර පොලිස් විද්‍යාලයේ දී ඊයේ(16)දින පැවැත්විණි.

2023 පොලිස්පති කුසලාන, ජාතික ශිෂ්‍යභට කදවුර දින 07ක් පුරා කළුතර පොලිස් විද්‍යාලයේ පැවති අතර ශ්‍රී ලංකාවේ පලාත් 09 නියෝජනය කරමින් පාසැල් 49ක පොලිස් ශිෂ්‍යභට බාලක බාලිකාවන් 1,225 ක් සහභාගී විය.

මෙම කදවුරේ සමාප්ති උළෙල ඊයේ උදෑසන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ගරු ලේකම් වියානි ගුනතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින.

මෙම උත්සවයේ අති දක්ෂතම බාලක ශිෂ්‍යභට ඛණ්ඩය ලෙස මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය තේරීපත් වූ අතර අති දක්ෂතම බාලිකා ශිෂ්‍යභට ඛණ්ඩය ලෙස කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලය තේරීපත්ව පොලිස්පති කුසලාන හිමිකර ගත්තේය.

මෙම අවස්ථාවට පොලිස්පති චන්දන වික්‍රමරත්න මැතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ශිෂ්‍යභට බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් කිහිපදෙනෙකු සහභාගී විය.

Related posts

ජනපතිගෙන් ගවයන්ට තාවකාලික සහනයක් !

colombotoday

හාමුදුරුවෝ කතා කලේ රණ විරුවන් වෙනුවෙන්. හාමුදුරුවන්ට ජම්පරය අන්දන්නයි ඕනි උනේ. කණගාටුයි

colombotoday

ගිය ආණ්ඩුවේ අයවැයට වඩා මේ අයවැය සාර්ථකයි.. අපි අත් ඔස්වනවා ! – මහින්ද අමරවීර

colombotoday

වෙඩික්කරුවෙක් රටින් පැන යද්දි යළි ගෙන්න ගනී

Admin

විදෙස්ගත ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම නොමිලේ.

colombotoday

හැසිරීම ඉතාම අසික්කිතයි.. 05 වෙනිදා උදෙට ගනුදෙණුව බේරාගමු…

colombotoday