Colombo Today Local News

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසර

විමර්ශන කටයුතු සඳහා ගොඩගනු ලැබූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය භූමදානය කිරීම සඳහා අද (16)දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අවසර ලබා දී තිබේ.

ඒ අනුව, මරණකරුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත සුසාන භූමියේ මිලදී ගෙන තිබෙන බිම් කඩක ඔහුගේ දේහය භූමදානය කිරීමට ද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

ෂාෆ්ටර් මහතාගේ දේහය ආදාහනය කිරීම නුසුදුසු බවට ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත්කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් කරතිබූ නිර්දේශ විමර්ශනය කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ලබාදී තිබේ.

ඉන් අනතුරුව මෙම පරීක්ෂණය ලබන 31වන දා යළි කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එදින විමර්ශන පැවැත්වූ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කර ඇත.

Related posts

සියළුම ධීවර වරායන් විකුණා දමන්න ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය !

colombotoday

මහින්දගේ ව්‍යාපෘතිවලින් වැඩක් නෑ.. නෙළුම් පොකුණ කක්කුස්සි පෝච්චියක් වගේ.. කැතම කැත ජරාවක්

colombotoday

පාසල් දිවා ආහාරයට මිලියන 814ක අත්තිකාරම් මුදලක් නිකුත් කරයි

Admin

පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයන් අත්අඩංගුවට ගනී.

colombotoday

අවුරුදු තුනහමාරක දැරියක් කොරෝනා වෛරසයෙන් මිය යයි.

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2770 දක්වා ඉහළට

colombotoday