Colombo Today Local News

පාසල් දිවා ආහාරයට මිලියන 814ක අත්තිකාරම් මුදලක් නිකුත් කරයි

පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් වශයෙන් රුපියල් මිලියන 814 ඉක්මවූ අත්තිකාරම් මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට මුදා හැර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

තව ද සහල්, පරිප්පු සහ සැමන් මෙන් ම ආහාර පිසීමට ගන්නා තෙල් ද ලෝක ආහාර වැඩසටහන හා ඇමරිකානු ආධාර යටතේ ප්‍රදානය කර ඇති බව අමාත්‍යංශය සඳහන් කරයි.

මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමටත් ඒ අනුව සමස්ත පාසල් දරුවන්ගෙන් 51%ක් සඳහා දිවා ආහාර සැපයීමටත් කටයුතු යොදා ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

“අපි දුන් උපදෙස් පිළිපැද්දා නම් මෙතරම් හානියක් නෑ“ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

colombotoday

IOC තවත් බාල ඉන්ධන තොගයක් ගෙන්වයි.. පළමු පරීක්ෂණයෙන් අසමත්

colombotoday

ජිනීවා යෝජනාව ගැන ජනපති සියළු පක්ෂවල විසඳුම් ඉල්ලයි

colombotoday

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

රට ගැන සිතා රිෂාඩ් ට විරුද්ධව ඡන්දය දෙනවා – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday