Colombo Today Local News

පිළිකා රෝගී නැන්දම්මාට පහර දෙන මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ගුරුවරිය

ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි මත සිය නැන්දම්මාට පහර දුන් බව කියන මහනුවර ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක් ඊයේ පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි අදාළ ගුරුවරිය තම 80 හැවිරිදි නැන්දම්මාට පහර දෙන බවට ප්‍රදේශවාසීන් පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.

ඒ අනුව, එම ස්ථානයට පැමිණි පොලිසිය, සැකකාර කාන්තාවට දන්වා ඇත්තේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා දවුලගල පොලිස් ස්ථානයට පැමිණෙන ලෙසයි.

වින්දිතයාට පහරදීමට ගුරුවරිය පමණක් නොව ඇගේ මව සහ ඇගේ දියණියද සම්බන්ධ බව වාර්තා විය.

පිළිකා රෝගයෙන් පෙළෙන ගුරුවරියගේ නැන්දම්මා අවස්ථා ගණනාවකදී පහරදීම්වලට ලක්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වි ඇත.

පොලිසිය ගුරුවරියට දැඩි ලෙස අවවාද කර ඇති අතර, වින්දිත මවට දිගින් දිගටම පහරදීම් කළහොත් ඇයට එරෙහිව නඩු පවරන බව දන්වා තිබේ.

Related posts

නුවරඑළිය මහනගර සභා අය වැය සම්මතයි

colombotoday

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin

මීනගයා රාත්‍රී තැපැල් දුම්රියයන් අවලංගු කෙරේ

Admin

මෛත්‍රි-ගෝඨාභය එකතු වී රට සශ්‍රීක කරයි කියන බයට ඔවුන් මරන්න කුමන්ත්‍රණ කරනවා

colombotoday

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ මිල ශීඝ්‍රයෙන් පහළ යයි

Admin

රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ඔලු මාරුව සූදානම්.. මැති ඇමතීන් ජනාධිපති කාර්යාලයට එයි

colombotoday