Colombo Today Local News

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානය

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එරටින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඉවත් කර ගැනීම පිළිබඳව ඊයේ (13)දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තා වේ.

දැනට ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් 8,000කට අධික පිරිසක් සිටින බව සඳහන්.

මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති නමුත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ගැටුම් පවතින ප්‍රදේශයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු තීරණයක් ගැනීමට නියමිතව ඇත.

Related posts

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම මුදල් ඇමති රවී යටතට !

colombotoday

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින් හෙළිදරව් කිරීමට සුදානම් – පුජ්‍ය ඇල්ලේ

colombotoday

එජාප සංවිධායකවරයෙක් ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

පාගමනට ආවේ දහදාහයි.. හරිම ප්‍රීතිජනකයි.. එනිසා විනය පරීක්ෂණ නෑ – එස් බී

colombotoday

ජී.එස්.පී. ප්ලස් දෙන්න යුරෝපා සංගමයෙන් කොන්දේසි 58ක් !

colombotoday