Colombo Today Local News

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම මුදල් ඇමති රවී යටතට !

ravi 125භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් රජයට ණය ලබා ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශය යටතේ අලුතින් පිහිටවනු ලබන “රාජ්‍ය ණය කාර්යාංශය” නම් ආයතනය යටතට පත් කිරීමට සූදානම් වන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි.

දේශීය මූල්‍ය වෙළෙඳපොළේ පොලී අනුපාත තීරණය කිරීම සහ ලබා ගන්නා ණය ප්‍රමාණය තීරණය කිරීම ඇතුළු රට තුළ මූල්‍ය පාලනය සම්බන්ධ තීරණ ගැනීමේ බලය හිමි ආයතනයක් වශයෙන් මෙම ආයතනය පිහිටුවීමට නියමිතය.

බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මහ බැංකුවෙන් ඉවත් කිරීමේ තීරණයට හේතු වශයෙන් දක්වා ඇත්තේ මූල්‍ය වෙළෙඳපොළේ බැඳියන් අතර ගැටීම අවම කිරීම බව අනාවරණය වේ.

මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව අගමැතිවරයා යටතේ පවතින අතර මුදල් අමාත්‍යාංශයට බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මඟින් ණය ගැනීමේ කටයුතු අවසන් වී ඇත.

මෙයින් ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීමට “රාජ්‍ය ණය කාර්යාංශය” පිහිටුවීමට යන බව වාර්තා වේ.

(ලංකා ට්රුත්)

Related posts

කටුනායක ප්‍රහාරයෙන් කොටි සාමාජිකයා නිදහස් කෙරේ.. නීතිපති නඩුව ඉල්ලා අස්කරගනී !

colombotoday

හෝටල් කාමරයක ඇදක් උඩ පාසල් දැරියකගේ මළ සිරුරක්

Admin

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

colombotoday

ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට

colombotoday

අලි ගහන්න ආවොත් 1992 අංකයට කතා කරන්න

colombotoday

ආණ්ඩු පක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday