Colombo Today Local News

බීමතින් මවට පහරදුන් පුතු, පියා සහ අයියා අතින් මැරුම්කයි

වැල්ලව පොලිස් වසමේ, කිරිඳිවැල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (09)රාත්‍රී කාලයේදී එම ඝාතන සිදුව ඇති අතර, පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා බීමතින් පැමිණ මවට පහරදීම හේතුවෙන් උරණ වූ පියා සහ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට පහරදී ඇතැයි පොලීසිය පවසයි.

පියා සහ වැඩිමහල් සහෝදරයා මියගිය පුද්ගලයාට සැරයටියකින් සහ අතින් පයින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් ඝාතනය වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් 75 හැවිරිදි පියා සහ 43 හැවිරිදි මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කොරෝනා මරණ ආදාහනය පිළිබඳව කාදිනල්තුමාට කිසිදු ගැටළුවක් නෑ.

colombotoday

මත් පැන් සාදය මරණින් අවසන් වෙයි

Admin

ප්‍රභාකරන් සැමරීමට සියල්ල සූදානම්… යාපන විශ්වවිද්‍යාල පරිශ්‍රයේ යුද සැමරුම් ස්මාරක ඉදිවේ

colombotoday

පොරොන්දු ඉටු නොකළොත් GSP+ නැතිවෙයි – යුරෝපා සංගමය අනතුරු අගවයි

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

රතන හිමිගේ උසිගැන්වීමෙන් ලිපි ලියු විමල්ට-වාසුට-ගම්මන්පිලට ජනපති බැනවදී ! – විකල්ප බලවේගයකට රතන හිමිගෙන් සැලසුම්.

colombotoday