Colombo Today Local News

මන්ත්‍රී ආරක්ෂක සැරයන්ගේ පිස්තෝලය සොරා ගත් පුද්ගලයා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්බිල් මහතාගේ ආරක්ෂක රාජකාරී සිදු කරන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් සැරයන්වරයාට පිටකොටුව ඕල්කට් මාවතේ බස් නැවතුමේ කම්බි වැටක් අසලට නින්ද ගිය අතරවාරයේදී පිස්තෝල අවිය,ජීව උණ්ඩ ඇතුළු සෙසු උපකරණ තොගය සමඟ ගමන්මල්ල සොරා ගත් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.

සැකකරු සමග පිස්තෝල අවිය, එයට යොදන ජිව උන්ඩ 24,මැගසින් 2ක්,අවි රඳවනයක්,මැගසින් රඳවනයක්, පොලිස් ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් ඇමති ආරක්ෂක ඇඳුම, ඇමති ආරක්ෂක නිල හැදුනුම්පත හා සටහන් පොත, පොලිස් සැරයන් වරයාට අයත් ඇඳුම් කීපයක්ද සැකකරු භාරයේ තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.

යුක්තිය මෙහෙයුමේ යෙදී සිටියදී කිරුලපන ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයකු සතුව තිබූ ගමන් මල්ල පරික්ෂා කිරීමේදී සැරයන්වරයාට අයත් භාණ්ඩ හමු වූ බව පොලිසිය සඳහන් කරයි.

Related posts

ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීම මහ බැංකුව ප්‍රතික්ශේප කරයි….

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ‘මන්කිපොක්ස්’ පරීක්ෂණ කට්ටල තොගයක්

colombotoday

ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා – රනිල් වික්‍රමසිංහ

colombotoday

2023 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය

colombotoday

කොළඹ වරායේ මහ ගින්නක් !

colombotoday

චම්පික සම්බන්ධ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝනා ලත් වැලිකඩ පොලීසියේ හිටපු OICට ඇප

colombotoday