ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා මේ වනවිට අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒ මහතා බැලීම සඳහා කිසිදු බාහිර පුද්ගලයෙකුට අවසර නොලැබෙන බවත් චාමර වීරසිංහ මහතා බැලීම සඳහා අවසර හිමිව ඇත්තේ ඒ මහතාගේ ළඟම ඥාතීන් කිහිප දෙනෙකුට පමණක් බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතාව මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බව එහි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය පැවසීය.