Colombo Today Local News

කීරි සම්බා වෙනුවට අලුතින් සහල් වර්ගය මෙට්‍රික්ටොන් 50,000ක් එයි

පෞද්ගලික අංශය මඟින් කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් තොගය ආනයනය කිරීමටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත.

වෙළෙඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ මත අදාළ තීරණය ගෙන ඇති අතර ඊට පසුගිය නොවැම්බර් මස 20වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණි.

Related posts

දිවි නහගන්න ළිඳට පැන්න ගැබිනියක් ළිඳ තුළම දරුවා බිහිකරයි | බිළිඳා මිය යයි

colombotoday

අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා

colombotoday

දුම්රිය ධාවනයට කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් කැඳවයි

Admin

“ප්‍රයිස් නැති එන්ටර්ප්‍රයිස්” – වී කිලෝව 25 යි වී දාන මල්ල 55 යි – දිලුම් අමුණුගම

colombotoday

“චෝදනාවෙන් රංජන් නිදහස් කරන්න” – රංජන්ගේ නීතිඥ සුමන්තිරන් අධිකරණයෙන් ඉල්ලයි

colombotoday

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපති අත්සන් කරයි

colombotoday