චීනයේ හටගත් භූ කම්පනයකින් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් 220 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ චීනයේ ගන්සු ප්‍රාන්තයේ මෙම මැග්නිටියුඩ් ඒකක 5.9ක භූ කම්පනයක් ඇති විය.
ඉන් ගොඩනැගිලි සහ නිවාසවලට දැඩි හානි සිදු වූ අතර සුන්බුන් අතර සිරවූ පිරිස් මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.