Colombo Today Local News

මාලිගාවත්ත, ඕකීට් රෙසිඩන්සි මහල් නිවාස සංකීර්ණයේ ගෙවල් 100ක වතුර කපලා

මාලිගාවත්ත, ශ්‍රී සද්ධර්ම මාවත ‘ඕකීට් රෙසිඩන්සි’ මහල් නිවාස සංකීර්ණයේ නිවාස 100ක පමණ ජල සැපයුම ජාතික ජල සම්පාදන මණ්ඩලය අද (13) පෙරවරුවේ විසන්ධි කිරීමෙන් එහි පදිංචිකරුවෝ දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන එම නිවාසවලට ජල සැපයුම සම්බන්ධයෙන් පැවති ජල කාන්දුවක පාඩුවක් එම නිවාසවල පංචිකරුවන්ගේ බිලට එකතු කර එයට ප්‍රමාද ගාස්තුවක් ද එකතු කිරීමෙන් මෙම තත්වය උද්ගත වූ බවත් මෙම ප්‍රමාද ගාස්තු එකතු කිරීමත් සමඟ ජල ගාස්තුව ලක්‍ෂ ගණන් වූ බවත් එහි පදිංචිකරුවෝ පවසති.

පදිංචිකරුවන්ගේ ඉල්ලීම පසුව අදාල බිල්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් අඩු කර තිබුණත් ප්‍රමාද ගාස්තුව කපාහැර නොතිබූ බව පදිංචිකරුවෝ පවසති.

ජල ටැංකියක කාන්දවක පාඩුව පාරිභෝගිකයන්ට එකතු කිරීම සහ එයට ප්‍රමාද ගාස්තුවක් අයකිරීම දැඩි අසාධාරණයක් බව කී එහි පදිංචිකරුවෝ ජීවන වියදම ඉහළ යෑම හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවට පත්ව සිටින ජනතාව මෙවැනි අසාධාරණ ආකාරයට අපහසුතාවට පත්කිරීම අනුමත නොකරන බව ද සඳහන් කරයි.

මෙම ජල සැපයුම විසන්ධි කිරීම පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) පියල් පත්මනාත මහතාගෙන් සඳහන් කරන්නේ, එම නිවාසවල ජල බිල්පත්වල තිබූ ප්‍රශ්නයක් විසඳූ බවත් ජල සැපයුම විසන්ධි කළේ යැයි දැනුවත්ව නොමැති බවත්ය.

Related posts

දේශපාලඥයන්ට පාසල් උත්සව වාරණයක් නෑ! බොරුව අතේ පත්තු වී හරිනිගේ රෙදි ගැලවෙයි

colombotoday

ත්‍රි´මලේ තෙල් ටැංකි 61ක් අපිට වැඩියි

Admin

මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි, හොරු ගන්නෙ නෑ – සජිත්ගෙන් රනිල්ට කනේ පහරක් !

colombotoday

“ජයලලිතාගේ අභාවය අපට පාඩුවක්“ – විපක්ෂනායක සම්බන්ධන්

colombotoday

උදය ගම්මන්පිලට අගමැති රනිල්ගෙන් තෑග්ගක්

colombotoday

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේදී සංගණනයක්

Admin