සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා වරාය, නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍යාංශය විසින් පත් කර තිබේ.
නව පත්වීම ලද ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත 12/11 දින පැමිණ ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මැද සිය ධුරයෙහි වැඩ භාර ගත්තෙය.
මෙම අවස්ථාවට ඒ මහතාගේ බිරිඳ, දූ දරුවන් සහ ගුවන් තොටුපොළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ඒවායේ ප්‍රධානීන්, නියෝජ්‍ය ප්‍රධානීන් සහභාගී විය.