Colombo Today Local News

වසර 108කට පසු හෙන්රි පේද්‍රිස් ඝාතනය ගැන හොයන්න කමිටුවක්

වසර 108කට පෙර ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සඳහා ජනපති ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා පත්කර ඇත.

ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලහාල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදුකළ බව පවසමින් හෙන්රි පේද්‍රිස් මරණ දඬුවමට ලක්කර තිබේ.

වර්ෂ 1915 ජුලි මස 07 වනදා එවකට 27 හැවිරිදි වියේ පසුවූ ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතා යුද අධිකරණයක් හමුවට පමුණුවනු ලැබීය.

අනතුරුව හෙන්රි පේද්‍රිස් විසින් ඉදිරිපත් කළ කිසිදු අභියාචනාවක් නොසලකා මරණ දඬුවමට ලක්කිරීම තවත් විශේෂත්වයකි.

මියගිය හෙන්රි පේද්‍රිස් මහතාගේ දේහය යුද නීතිය යටතේ වරදකරුවෙකු වූ අපරාධකරුවෙකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රයක ආදාහනය සිදුකර ඇත.

ඒ මහතාගේ ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සිදුකරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, එම ඝාතනය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු අනාවරණය කරගනිමින් එතුමාට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත්කර ඇත.

Related posts

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක

colombotoday

මහේෂ්වරන් නෝනා ඉල්ලපු එල්ටීටීය දැන් ඇවිල්ලා තියෙනවා – රෝහිත අබේගුණවර්ධන

colombotoday

ගැබිණි පෝෂණ මල්ලට මොකද වුණෙ?

colombotoday

නිල ඇදුම් නැති වුවද වර්ණ ඇදුම් පාසල් එන්න අවසර

colombotoday

ජනවාරි 14 ශ්‍රී ලංකාවට ඓතිහාසික දවසක්…

colombotoday

රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ විෂය පථයට අයිති නම් කියනකොට සමහරු හිනා වුණා – අගමැති

colombotoday