Colombo Today Local News

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

පොළොන්නරුව, සුංගාවිල මාර්ගයේ කිලෝමීටර් 16 කණුව ආසන්නයේ ඊයේ (10) දහවල් සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියක් වෙනත් වාහනයක් පසුකර යෑමට උත්සාහ දැරීමේ දී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

එහිදී පැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, එහිදී එක් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරු කර යවා තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 17ක් වූ සුංගාවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

මැතිවරණ පෝළිමක්

Admin

ජනපති දිවුරුමෙන් කෝටි 20ක් ඉතුරු කරලා

Admin

ලක්ෂ 18ට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අල්ලයි

colombotoday

අයි.ඕ.සි ලිහිසි තෙල් ලිටරයක මිල රු 140 කින් ඉහලට

colombotoday

අද සිට විදුලි කප්පාදුව ⁣අවම හෝ අත්හිටුවීමට හැකි

colombotoday

අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය… ප්‍රතිජීවක ඖෂධ වංචාව ලක්‍ෂ 9400 යි

Admin