Colombo Today Local News

ලක්ෂ 18ට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අල්ලයි

බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ 18 ට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු දොම්පේ පනන්වල විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 25 ක්, අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරු සන්තකයේ රුපියල් ලක්ෂ 5ක් ද තිබී ඇත.

අඩංගුවට ගත් සැකකරු දොම්පේ ප්‍රදේශයේ පදිංචි 41හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා දොම්පේ පොලීසියට බාර දී ඇත.

Related posts

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක්

Admin

“ලක්ෂයකින් ජීවත් වෙන්න පුළුවන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට.. තව දීමනා ඕන” ඇමති ලක්ෂ්මන්

colombotoday

පිලිපීනයේ ක්‍රමයට මත් ජාවාරම්කරුවන් මර්ධනය නොකරන්නේ මෙහෙ NGO කාරයෝ කෑ ගහන නිසයි…

colombotoday

ගෝඨාට සහාය දක්වන්න ශ්‍රිනිප තීරණයක් නෑ

colombotoday

අන්තරේ වසන්ත ඇතුළු පිරිස 27තෙක් රිමාන්ඩ්

Admin

විවාහ, දික්කසාද නීති වෙනස් කිරීම සඳහා කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday