Colombo Today Local News

හැසිරීම අන්තිමයි.. මැතිවරණ කොමිෂමෙන් පළාත් පාලන නියෝජිතයින් ට රතු එළියක්

ඇතැම් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ හැසිරීම් සහ ක්‍රියාකලාප සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී තිබේ.

පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ක්‍රියාකලාප මෙරට ක්‍රියාත්මක වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, මහජන ඡන්දයෙන් තෝරාපත්කර ගනු ලබන ජනතා නියෝජිතයින් සහ එම ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇත.

එවැනි ආකාරයේ සිදුවීම් විමර්ශනය කර ඊට සම්බන්ධ වැරදිකරුවන් වන පළාත් පාලන ආයතන නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ජනතා අවශ්‍යතාවයක්ව පවතින බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදාළ පළාත් පාලන ආයතන නියෝජිතයින් නියෝජනය කරන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ ද අවධානය යොමු විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.

විෂමාචාර ක්‍රියාකාරකම් සිදුකරන පළාත් පාලන නියෝජිතයින්ට එරෙහිව ආණ්ඩුකාරවරුන්ගේ බලතල අනුව සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීම කළ යුතුව පවතින්නක් බව මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී ඇත.

Related posts

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති සමඟ පාසල් සිසුවෙක් අත්අඩංගුවට

Admin

බුද්ධි අංශ මේජර් වරයෙකු ලෙස පෙනී සිටි නිසාර් ඉම්රාන් STF අත්අඩංගුවට

colombotoday

තෙල් පෝලිමක සිටි තවත් අයෙක් ලොරිය තුළම මිය ගිහින්

colombotoday

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

colombotoday

සාමාන්‍ය පෙළ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට සහජීවනයෙනුත් ප්‍රශ්නයක්

colombotoday

පාත හේවාහැට වෙළඳසැල් 112 ක් වසාදමයි

colombotoday