Colombo Today Local News

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වන දින සහ මේ වසරේ ජනවාරි තුන් වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිව තිබේ.

මේ අතර 2020 වසරේ පුහුණු අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් සඳහා සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථීර පත්වීම් ලබාදීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අභ්‍යාසලාභී උපාධිධාරීන් 51,682කු සඳහා මෙලෙස ස්ථීර පත්වීම් ලබාදීමට නියමිතයි.

ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පුර්ණ කළ උපාධිධාරීන් සඳහා ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථීර පත්වීම් ලබා දි ඇති අතර වසරක පුහුණුව සම්පූර්ණ නොමැති උපාධිධාරීන් සඳහා අප්‍රේල් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථීර පත්වීම් ලබාදීමට නියමිත බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය

Related posts

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ

colombotoday

යහපාලන ආණ්ඩුව යටගහපු අල්ලස් ෆයිල් 74 මෙන්න.. කොමිසමේ අධ්‍යක්ෂවරියත් හෙරක්?

colombotoday

ලේ අවශ්‍යයි – ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්…

colombotoday

විනිසුරුවරයකු නැතැයි මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ් කිරිම අසාධාරණයි – කතානායක

colombotoday

රිෂාද් බදියුදීන්ට එරෙහි විල්පත්තුවේ නඩු තීන්දුව සැප්තැම්බර් 28 දා

colombotoday

ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකක්

colombotoday