කොළඹ වරාය ආසන්නයේදී රසායනික ද්‍රව්‍ය බහාලුම් නෞකාවක් වන “එක්ස්ප්‍රස් පර්ල් ” නැමැති නෞකාව ඉකුත් දිනකදී ගිණි ගැනීමකට ලක් විය.
එලෙස ගිනි ගත් එනෞකාවේ ගින්න මේ වන විටත් පවතින අතර ගින්න නිවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
රසායනික ද්‍රව්‍ය සහිත එම නෞකාව නිසා එම අවට සාගර කලාපයට යම් කිසි බලපෑමක් සිදුව ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
ඒ අනුව සිදුවූ හානිය පරික්ෂාවට පරීක්ෂණ කණ්ඩායමක් අද දිනයේ එහි යාමට නියමිත බව එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කරයි.