Colombo Today Local News

ජනපතිට සුබ පතන දේව මෙහෙයට විරෝධයක්.. දවටගහ පල්ලියේ ගිනිකෙළි!

ct dematagoda 23

කොලඹ දවටගහ මුස්ලිම් පල්ලියේ අද සිකුරාදා දේවමෙහෙය අවසානයේ දෙපාර්ශවයක් අතර උණුසුම් තත්වයක් ඇතිවිය.

පල්ලියේ භාරකරු වන පළාත්සභා මන්ත්‍රී අසාද් සාලි මහතාගේ සොහොයුරු රිෂාද් සාලි මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියට සහා රජයටත් සුභ පතමින් අදහස් පලකිරීමට උත්සහ කල අතර අලෙවී මවුලානා මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිස ඊට දැඩි විරෝධයක් දැක්වුහ.

පල්ලියේ දේශපාලනය නවතන ලෙස ඔහු පවසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් රිෂාද් සාලි මහතා ඇතුළු පිරිස පවසා ඇත්තේ “මහින්දට කඩේ යන්න ඔබලාට හොදනම් අපි යහපාලනයට කඩේ ගියාම ඇති ප්‍රශ්නය කුමක්ද?” යන්නයි.

ඒ සමගම පල්ලියතුල එකම ගාලගෝට්ටියක් බවට පත්වුබව Colombotoday.com වෙත අදහස් දැක්වූ එහි සිටි මුස්ලිම් ජාතිකයකු පවසා සිටියා. මේ දේශපාලනයක් නිසා නිදහසේ දෙවියන් යදින්නවත් අවස්ථාවක් නොමැති බවත් මේවා අල්ලාහ් ම බලා ගන්ඩ ඕනෑ බවත් ඔහු අපවෙත සදහන් කළා.

Related posts

වෙළද අමාත්‍යවරයා නිරුවත අතින් වසා ගැනීමේ උත්සාහයක

colombotoday

ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පළමු දිනයේදීම ලංකාවට පදක්කම් දෙකක්

colombotoday

ඉන්දියාවේදී ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ සම්මාන 7ක් !

colombotoday

“විශ්වාසභංගයකින් ඉවත්කරනතුරු මම යන්නේ නෑ“ – අගමැති දැඩි තීන්දුවක

colombotoday

තඹුත්තේගම ලක්ෂ 223ක කොල්ලය නැවතූ පොලිස් වීරයාට උසස් වීමක්

colombotoday