Colombo Today Local News

ලයිට් බිල 30%කින් අඩු කරන්නේ වසර තුනකින්

විදුලි බිල 30% කින් අඩු කිරීමට හැකියාව ඇත්තේ ඉදිරි වසර තුනක කාලය තුළ බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද ( 9) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලි බිල අඩු කරන බවට ජනාධිපතිවරයා මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දුව ඉටුකරන්නේ කවදාද යන්න පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී මතු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එක් දිනයකින් දෙකකින් විදුලි බිල අඩු කරන බවට කිසිදු පොරොන්දුවක් ලබාදී නැති බව පවසන ඇමතිවරයා විදුලිබිල අඩුකිරීම ඉක්මනින් කළ හැකි කාර්යයක් නොවන බවත් ඒ සඳහා වසර තුනක කාලයක් ගතවනු ඇති බවත් සඳහන් කළේය.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී තවදුරටත් මෙසේද පැවසීය.

” විදුලි බිල අඩුකිරීම ඉක්මනින් කරන්න බැහැ. අවුරුදු තුනක් වැනි කාලයකින් තමයි එය කරන්නේ. විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 332 ක් ණයයි. වැඩි මිලට විදුලිය මිලදීගෙන තිබෙනවා අඩු මිලට තමයි පාරිභෝගිකයාට ලබා දී තිබෙන්නේ. ඒවා ණය වශයෙන් එකතුවෙලා තියෙනවා. පසුගිය රජය මෙන් අනවශ්‍ය දේශපාලන අභිමතය මුදුන් පමුණුවා ගන්නට විදුලි බිල එහෙ මෙහේ කරලා පලක් නෑ”

Related posts

ලංවීම සේවකයින් අදත් කොළඹ විරෝධ‍යේ

Admin

එක්සත් ජාතීන්ගේ අසාධාරණ බලපෑම්වලට එරෙහිව ජනිපෙ අද කොළඹදී වීදි බසී !

colombotoday

ඉන්දියාව සමග පවතින ගිවිසුමක් දීර්ඝ කරයි

Admin

මහියංගණයේදී වෑන් රථයක් බසයක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් මරුට

colombotoday

හෝමාගම සමූපයත් මාලිමාව පරාදයි

Admin

රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම ලබන සඳුදා

colombotoday